වද හිංසා විඳි 56 ක් දිවයිනට. තුන්දෙනෙකුට මානසික ආබාධ.

Monday, 16 September 2013 - 12:54

%E0%B7%80%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%92++56+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0.


 
මැද පෙරදිග සේවයට ගොස් හිංසනයට ලක්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 56 දෙනෙකු අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා. ගුවන් යානා 3 කින් ශ්‍රී ලංකාවට පැමිණි මොවුන්ගෙන් 33 දෙනෙකු සෞදි අරාබියේ සිටයි පැමිණ ඇත්තේ. තවත් අටදෙනෙකු කටාර්වල සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ජෝර්දානයේ සිට ශ්‍රමිකයන් 15 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මොවුන්ගෙන් තිදෙනෙකු මානසික රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින බැවින් ඔවුන් ප්‍රතිකාර සඳහා අංගොඩ පිහිටි මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව සඳහන්. ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.