කොටි හිතවාදී සීමාන්ගෙන් විග්නේෂ්වරන්ට විරෝධය.

Monday, 16 September 2013 - 13:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.


උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින මහ ඇමති අපේක්ෂක සී. වී. විග්නේෂවරන් හින්දු පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදි පළකළ අදහස් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ නාම් තමිලර් පක්ෂය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහි ජාතික සංවිධායක කොටි හිතවාදී සීමාන් මෙම අදහස් පළ කර ඇත්තේ  මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් තමිල්නාඩුව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන්.

තමිල්නාඩු දේශපාලන නායකයන් දෙමළ ඊළමක් ඉල්ලා සිටීම මගින් දකුණේ ජනතාව කැළඹිය හැකි බවට විග්නේශ්වරන් මෙම පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණා. ඊට පිළිතුරු ලබාදෙන සීමාන් පවසන්නේ දෙමළ ඊළමක් පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ පෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් බවයි.

එමෙන්ම තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ අදහස් පළකිරීම මගින් උතුරේ දෙමළ ජනතාව පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බවද විග්නේශ්වරන් මෙහිදී පෙන්වා දුන්නා. ඊට පිළිතුරු ලෙස සීමාන් පවසන්නේ තමිල්නාඩු දෙමළ දේශපාලන පක්ෂ සහ දෙමළ ඩයස්පෝරාව සිදුකළ බලපෑම් හමුවේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවූ බවයි. ඒ අනුව විග්නේෂ්වරන් මහ ඇමති අපේක්ෂකයා වන්නේ ඒ හේතුව නිසාවෙන් බවයි සීමාන් අවධාරණය කර ඇත්තේ.


සිංහල සහ දෙමළ ජනතාව අතර පවතින ගැටළුව භාර්යාව සහ ස්වාමි පුරුෂයා අතර ගැටුමකට සමාන කළ විග්නේෂ්වරන් තමිල්නඩුව තම අසල්වැසියා බව ප්‍රකාශ කළා. ඒ පිළිබඳ අදහස් දක්වන සීමාන් ප්‍රකාශ කරන්නේ එවිට නවදිල්ලියේ ඥාතීත්වය පැහැදිළි කරන ලෙසයි.

කෙසේ වෙතත් යාපනයේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ හින්දු පුවත්පත තම අදහස් විකෘති කොට පළකර ඇති බවයි.

[MP3]s67298_1[/MP3]

මේ අතර ජාතික නිදහස් පෙරමුණද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ එහි නායක අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.  

 

කෙසේ වෙතත් යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ රට බෙදන යෝජනා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්ව නොමැති බවයි.

[MP3]s67298_2[/MP3]

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රට බෙදීමේ ප්‍රතිපත්තිය දෙමළ සමාජයට ඉදිරිපත් කරද්දී සිංහල ජනතාවට එවැන්නක් නොමැති බවට ප්‍රකාශ කරන බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කළේ.

[MP3]s67298_3[/MP3]     



කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:32

පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු... Read More

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:31

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්... Read More

ගාලුමුවදොරදී රුසියානු තරුණියකට හිරිහැර කළ සිද්ධියේ සැකකරුවන් 05 දෙනා යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:15

ගාලුමුවදොර පිටියේදී පසුගියදිනක රුසියානු ජාතික තරුණියකට... Read More