කොළඹ මහ නගර සභාවට බී.ටී.අයි. අරහං.

Tuesday, 17 September 2013 - 7:46

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%85%E0%B6%BB%E0%B7%84%E0%B6%82.


ඩෙංගු මර්ධන ක්‍රියාවලියට දේශීය බී.ටී.අයි. බැක්ටීරියාව යොදා ගැනීම නතර කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ අවධානය යොමු වී තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඩෙංගු මර්දන ක්‍රියාවලියට දේශීය බී.ටී.අයි. බැක්ටීරියාව යොදා ගැනීම සඳහා වසරකට මිලියන 12කට අධික මුදලක් වැය වුවත් ඉන් නිසි ප්‍රතිඵල ලැබී නොමැති බවයි. මේ හේතුවෙන් ඩෙංගු මර්ධනය සඳහා දේශීය බැක්ටීරියාවෙන් බැහැරව වෙනත් ක්‍රමවේදයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම ප්‍රකාශකයා සදහන් කළා.

 
ඉදිරියේදී ඩෙංගු මර්ධන වැඩසටහනේ නිළධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. මේ වසර තුළ පමණක් කොළඹ මහ නගර සභා සීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් 11 දෙනෙකු මරුමුවට පත්වුණා. ඩෙංගු මර්ධනයට වඩා වැදගත් වන්නේ බැක්ටීරියා භාවිත කිරීම නොව පරිසරයේ ඇති පවිත්‍රභාවය රැක ගැනීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.