මැතිවරණ නීති කැඩූ 129ක් පොලිස් අත්අඩංගුවට.

Tuesday, 17 September 2013 - 7:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+129%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

මැතිවරණ නීති උල්ලංගණය කළ සහ මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ පුද්ගලයන් 129 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කළේ වැඩිම මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සංඛ්‍යාවක් මධ්‍යම පළාතෙන් ලැබී ඇති බවයි. එමෙන්ම මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පැමිණිලි 163ක් තම කාර්යාංශය වෙත ලැබී ඇති බව ද පොලිස් මැතිවරණ කාර්යාංශය සඳහන් කළා.

මේ අතර, වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ආසන්න වත්ම ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බවයි.

[MP3]s67342[/MP3]

පළාත් සභා මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ සංසදයේ නියෝජිතයින් අද (17) සිය නිරීක්ෂණ කටයුතු උතුරු පළාතෙන් ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළා.

ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල මැතිවරණ නිරීක්ෂකයින් මෙලෙස දිවයිනට පැමිණ සිටිනවා.