සමෘද්ධි නිලධාරියෙකුගෙන් විදුහල්පතිවරයෙකුට ප්‍රහාරයක්.

Wednesday, 18 September 2013 - 13:01

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වු විදුහල්පතිවරයෙකු රෝහල් ගතකර ඇති බව හලාවත පොලිසිය සඳහන් කළා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ හලාවත - සවරානා මුස්ලිම් මහා විදුහලේ එස්.එච්.එම්. ස්මයිල් නැමැති විදුහල්පතිවරයායී. 51 හැවිරිදි මෙම විදුහල්පතිවරයා මේ වනවිට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ සමෘද්ධි නිලධාරීවරයා මෙවර වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු සමග සවරානා මුස්ලිම් විද්‍යාලයට පැමිණ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් විදුහල්පතිවරයා ඊට තම විරෝධය පළ කර මේ සම්බන්ධයෙන් පොලිසිය සහ මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බව සඳහන්. මෙම හේතුව නිසා අදාළ සමෘද්ධි නිලධාරීයා විදුහල්පතිවරයා සමග අමනාපයෙන් සිට තිබෙනවා. මේ අතර, ඊයේ විද්‍යාලයේ කෑ කෝ ගසමින් සිටි දරුවන් කිහිප දෙනෙකුට දඬුවමක් ලෙස විදුහල් භූමියේ ඇති සියඹලා ගසක වැටී ඇති කොළ ඉවත් කරන ලෙස විදුහල්පතිවරයා මොවුන්ට සුළු දඬුවමක් දී තිබෙනවා. දඬුවමට ලක්වු ළමයින් අතර අදාළ සමෘද්ධි නිලධාරීයාගේ දරුවාද සිට ඇති බව සඳහන්. පසුව එම දරුවා මේ පිළිබඳව සිය පියා වන සමෘද්ධි නිලධාරීයාට දැනුම් දී ඇති අතර, ඔහු ඊයේ පස්වරුවේ පාසලේ ළමයින් සහ ගුරුවරුන් ඉදිරියේ අදාළ විදුහල්පතිවරයාගේ කණට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පහරකෑමට ලක්වු විදුහල්පතිවරයා හලාවත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More