වීඩියෝ: ගැටළුවට විසඳුම 13 යි. - K.P පළමුවරට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක.

Wednesday, 18 September 2013 - 19:14

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+13+%E0%B6%BA%E0%B7%92.+-+K.P+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A.

උතුරේ ජනතාවට ඡුන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබීම ස්වර්ණමය අවස්ථාවක් බව කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ප්‍රකාශ කරනවා. කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාලයේ ප්‍රධානියාව සිටි කුමරන් පද්මනාදන් අද (18) පළමු වතාවට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක පෙනී සිටියා. ඒ, කිලිනොච්චියේ පිහිටි සෙංචෝලේ ළමා නිවාස පරිශ්‍රයේයි. මෙම මාධ්‍ය හමුව සඳහා දේශීය මාධ්‍ය ආයතන රැසක නියෝජිතයන් සහභාගි වූ අතර විදෙස් මාධ්‍ය ආයතන කිහිපයක්ද ඊට එක්ව සිටියා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කේ.පී. අවධාරණය කළේ ජාතික ගැටළුවට විසඳුම් ලබාගත හැක්කේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය තුළින් බවයි.

මෙම මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය කුමරන් පද්මනාදන්ගේ දැඩි විවේචනයට ලක්වුණා. එහිදී දෙමළ සන්ධාන උතුරු පළාත් මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ දෙමළ සන්ධාන නායකයන් වන ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා සහ සුරේශ් ප්‍රේමචන්ද්‍රන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයද කේ.පී. දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබුවා. දෙමළ සන්ධානය තුළ සමගියක් නොමැති බවද මෙහිදී ඔහු කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමරන් පද්මනාදන් කියා සිටියේ 1976 වසරේදී එවක දෙමළ පක්ෂ එක්ව අප්පාතුරේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවා ගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ වඩුක්කෝඩෙයි ගිවිසුම ඉක්මවා යමින් දෙමළ සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර ඔස්ලෝ සම්මුතියද කේ.පී. උදාහරණයට ගෙන කරුණු පැහැදිළි කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයේ ආයෝජන ප්‍රවර්ධන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු භාර අමාත්‍ය ජී.එල් පීරිස් අත්සන් කළ ඔස්ලෝ සම්මුතියට අනුව තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට වෙනම පාලනයක් සඳහා සාකච්ඡා කිරීමට නීත්‍යානුකූල භාවය හිමිවුණා. එම සම්මුතියේ එකඟතාවයන් මෙවර දෙමළ සන්ධානය විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයනට සමාන බවයි කේ. පී. සඳහන් කළේ.

මේ අතර ජාතික ගැටළුව විසඳීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගි වීම දෙමළ ජාතික සන්ධානය පැහැර හැරීම පිළිගත නොහැකි බවයි මෙහිදී කේ.පී තවදුරටත් කියා සිටියේ.



ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More