ලූණුගල භූ කම්පනය පරීක්ෂා කිරීමට කණ්ඩායමක්.

Thursday, 19 September 2013 - 12:27

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

බදුල්ල - ලූණුගල ප්‍රදේශයේ ඊයේ (18) පස්වරුවේ සිදුවූ භූ කම්පනය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා භූ විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට එම ප්‍රදේශයට පිටත් කර යැවීමට නියමිතයි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බර්නාඞ් ප්‍රේම් කියා සිටියේ මෙම කණ්ඩායම ප්‍රදේශවාසීන්ගෙන් ද අදාළ සිදුවීම පිළිබඳව කරුණු විමසීමට නියමිත බවයි.  රික්ටර් මාපක දෙකත් තුනත් අතර අගයක සටහන් වූ මෙම භූ කම්පනය ඊයේ පස්වරු 3.08ට පමණ සිදුවුණා. එය පල්ලේකැලේ සහ හක්මන පිහිටි භූ කම්පන මානයන්හි සටහන් වී ඇති බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා.



පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More