බිරිඳ සිරකරගෙන සිටි සැමියා සහ මව රිමාන්ඞ්.

Thursday, 19 September 2013 - 13:00

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

කහටගස්දිගිලිය ප්‍රදේශයේදී සිය බිරිඳට පහරදී පිලිස්සුම් තුවාල සිදුකොට නිවසේ සිරකරගෙන සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ මව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මීට දින 3 කට පෙර, ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරක් මත කහටගස්දිගිලිය පොලිස් නිලධාරින් විසින් ප්‍රදේශයේ නිවසක් හදිසියේ පරීක්ෂාවකට ලක් කළා. එහිදී දරුණු පිලිස්සුම් තුවාල ලබා එම නිවස තුළ සිරකරගෙන සිටි කාන්තාවක් පොලිසියට හමුවී තිබුණා. මෙම කාන්තාව රෝහල් ගත කළ අතර, ඇය පොලිසියට පවසා තිබුණේ සිය සැමියා විසින් බීමතින් පැමිණ තමන්ට පහරදී බරපතල පිලිස්සුම් තුවාල සිදුකළ බවයි. අනතුරුව, මාස 3 ක් තිස්සේ ප්‍රතිකාර ලබා ගැනීමට නිවසින් බැහැරට යා නොදී සිරකරගෙන සිටි බව ද ඇය අනාවරණ කර තිබුණා. ඒ අනුව,කහටගස්දිගිලිය පොලිසිය විසින් අදාළ කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ මව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි කහටගස්දිගිලිය පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

තුවාල ලැබූ කාන්තාව තවදුරටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇයගේ අවුරුදු 5 ක කුඩා දරුවා ළමා රැකවරණ මධ්‍යස්ථානයකට යොමුකරන බව, කහටගස්දිගිලිය පොලිසියේ එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා.



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More