උතුරේ මැතිවරණය සංහිඳියාවට ඉදිරි පියවරක්. - බෑන්කී මූන්.

Friday, 20 September 2013 - 7:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A.

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩනැංවීමට වැදගත් අවස්ථාවක් වන බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් පවසනවා. මේ නිසා මැතිවරණ ක්‍රියාදාමය සඳහා සාමකාමීව එක්වන ලෙස ඔහු සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.

 

මහලේකම්වරයා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ ඔහුගේ ප්‍රකාශකවරයා කියා සිටියේ විශේෂයෙන් උතුරේ මැතිවරණය සියලූ ශ්‍රී ලාංකිකයන් අතර විශ්වාසය ගොඩනැංවීම මෙන්ම, දේශපාලන සංහිඳියාව සවිමත් කිරීමට වැදගත් ඉදිරි පියවරක් බවයි.

 

වසර ගණනාවක ගැටුම්වලින් අනතුරුවයි එම අවස්ථාව උදාවී ඇත්තේ. 2009 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත් කර ජයග්‍රහණය සනිටුහන් කළා. දශක 3 ක් තිස්සේ පැවති මෙම අරගලයෙන් ජීවිත දහස් ගණනක් අහිමි වුණා.  ශ්‍රී ලංකාව තවදුරටත් පශ්චාත් යුධ බලපෑම්වලට මුහුණ දෙනවා.

 

ජගත් සංවිධාන මහලේකම්වරයා හෙට පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදය පළ කළ අතර, 1987 න් පසු ප්‍රථම වරට එම මැතිවරණය පැවැත්වීම ද විශේෂ කරුණක් ලෙස හැඳින්වූවා.

 
මැතිවරණයේදී සාමකාමීව සහයෝගයෙන් කටයුතු කර ශ්‍රී ලංකාවේ ජාතික සහ පශ්චාත් යුධ අරමුණු ඵලදායි ලෙස ඉටු කර ගැනීමට පියවර ගන්නා ලෙස ජගත් මහලේකම් බෑන්කී මූන් සියලූ පක්ෂවලින් ඉල්ලීමක් කළා.



පළාත් කිහිපයකට අකුණු සහිත වැසි
Thursday, 09 July 2020 - 16:03

නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඉදිරි... Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Thursday, 09 July 2020 - 15:30

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි... Read More

මහමඟ දමාගිය සුනඛයින් 30ට නිවසේ නවාතැන් දුන් විශ්‍රාමික හෙද නිලධාරිනිය (වීඩියෝ)
Thursday, 09 July 2020 - 15:26

මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම ඈත අතීතය කරා දිවයනවා.නමුත් මිනිසා,... Read More