ඡන්දය ගැන ආණ්ඩුවෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්.

Friday, 20 September 2013 - 13:03

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වළකින්නැයි ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අද (20) ඉල්ලීමක් කළා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ඉල්ලීම සිදුකළේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින්. ජිනීවා නුවර දැන් පැවැත්වෙන ජගත් මානව හිමිකම් 24 වන සැසිවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, අයර්ලන්තය ඇතුළු බටහිර රටවල් කිහිපයක් උතුරු මැතිවරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මැතිවරණයට අදාළව සිදුකර ඇති එම පූර්ව ප්‍රකාශ වලින් ඊට බලපෑමක් එල්ල කරනු ඇති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙහිදී කියා සිටියේ.