පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට ? 10 ට පෙර.

Friday, 20 September 2013 - 13:04

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%3F+10+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB.

පළාත් සභා ඡන්ද විමසීමේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 ට ප්‍රථම ලබාදිය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

කෙසේ වෙතත්, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සිදුකිරීමට බාධා වන කිසියම් සිද්ධියක් වාර්තා වුවහොත්, ඡන්ද පොළ ශුන්‍ය කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 


ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුවද, ඇතැම් පුද්ගලයින් කෙටි පණිවුඩ හරහා ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඔහු කියා සිටියේ කෙටි පණිවුඩ ඔස්සේ සිදුකෙරෙන ඡන්ද ප්‍රචාරක කටයුතු නියාමනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවයි.