පෙම් යුවලක් මාතර - පරෙයි දූපත අසලින් මුහුදට පනී.

Friday, 20 September 2013 - 13:01

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%B4%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.


මාතර පරෙයි දූපත අසලින් තරුණ පෙම් යුවලක් මුහුදට පැන තිබෙනවා. මාතර පොලිසිය ප්‍රකාශ කළේ අද (20) පෙරවරු 11 ට පමණ පරෙයි දූපතේ පිහිටි විහාරස්ථානයට යන පාලම මතින් ඔවුන් මුහුදට පැන ඇති බවයි. පෙම්වතිය ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර පෙම්වතා මාතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා. මේ වනවිට නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් යොදා මුහුදේ අතුරුදන් වූ පෙම් යුවල සෙවීමේ කටයුතු සිදුකෙරෙන බව සඳහන්.