සුව අමාත්‍යාංශයේ සිගරට් අවවාදයට වාරණයක්.

Friday, 20 September 2013 - 19:04

%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

දුම්වැටි දවටනවල සියයට 80ක් ආවරණය වන පරිදි රූපමය අවවාද සටහන් කළ යුතු බවට වූ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) වාරණ  නියෝගයක් නිකුත් කළා. ඒ දුම්කොළ සමාගම අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට ද අවසර දෙමින්. මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ සලීම් මරුසුක්, සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි. අදාළ පෙත්සම සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ ජනවාරි 22 යළි කැදවීමට නියමිතයි.