වීඩියෝ: ඡන්ද රාජකාරියට ගිය නිලධාරියෙක් බඹර ප්‍රහාරයකින් මරුට.

Friday, 20 September 2013 - 19:11

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

වව්නියාව - පුඩුකුලම් මහා විද්‍යාලයේ පිහිටුවා තිබෙන ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරිවල යෙදී සිටි නිලධාරියෙකු අද (20) පස්වරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 45ක් පමණ වයසැති ක්‍රිස්තු දේවරාජගේ නැමැති වව්නියාව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. මීට අමතරව එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ පුඩුකුලම් මහා විද්‍යාලයේ පිහිටුවා තිබූ ජන්ද මධ්‍යස්ථානය එම විද්‍යාලයේම ප්‍රාථමික අංශයට රැගෙන ගොස් ඇති බවයි.