වීඩියෝ: සාමකාමී ඡන්දයක් පවත්වන්න. - මැ.කො. ඉල්ලයි.

Friday, 20 September 2013 - 19:28

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

හෙට (21) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී පළාත් තුනේ ඡන්ද දායකයන්ට නිදහස් හා සාමකාමීව ඡන්දය භාවිත කිරීම සඳහා පහසුකම් සලසා දී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. කොමසාරිස්වරයා එහිදී ජනතාවට දැනුම් දුන්නේ හැකිතාක් උදෑසනින් ඡන්දපළට පැමිණ සිය ඡන්දය භාවිත කරන ලෙසයි. වලංගු හැදුනුම්පතක් රැගෙන යාම අනිවාර්ය බවයි කොමසාරිස්වරයා ජනතාවට දැනුම් දුන්නේ. මෙම මාධ්‍ය හමුවේදීම පළාත් සභා ඡන්ද විමසීමේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 ට ප්‍රථම ලබාදිය හැකි බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.