වීඩියෝ: මැතිවරණයට සියල්ල සූදානම්.

Friday, 20 September 2013 - 19:31

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

හෙට (21) දිනයේ උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම සිදුකිරීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර අවසන්. උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා සභිකයින් 142 දෙනෙකු තෝරා ගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම හෙට (21) පෙරවරු 7 ට ආරම්භවීමට නියමිතයි. පස්වරු 4 ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් කෙරෙන අතර, මැතිවරණයට දේශපාලන පක්ෂ 126 කින් සහ ස්වාධීන කණ්ඩායම් 75 කින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 3785 ක්. මෙවර ඡන්ද විමසීම සඳහා ඡන්දදායකයින් 43 ලක්ෂ 63,252 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මධ්‍යස්ථාන 3712 කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුකෙරෙන අතර, ඡන්ද පෙට්ටි සමඟ නිලධාරින් ඡන්ද විමසීම පැවැත්වෙන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් කර තිබෙනවා.

හෙට (21) දිනයේ පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව උපරිමව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා සියලූ පාර්ශවයන්හි සහයෝගය අපේක්ෂා කරන බවයි.