ඇෆ්ගන් තලෙයිබාන් නායකයාට පාකිස්ථානයෙන් නිදහස.

Saturday, 21 September 2013 - 8:41

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.

ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානයේ සම ආරම්භකයා මෙන්ම හිටපු නියෝජ්‍ය ප්‍රධානියා වූ මුල්ලා අබ්දුල් ඝානි බර්දාර් පාකිස්ථාන බන්ධනාගාරයෙන් අද නිදහස් කෙරෙන බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඇෆ්ගනිස්ථාන සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම ඔහු නිදහස් කිරීමේ අරමුණ බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ. 1994 වසරේදී ඇෆ්ඝනිස්ථාන තලෙයිබාන් සංවිධානය පිහිටවනු ලැබූයේ මුල්ලා බර්දාර් ඇතුලූ සිව්දෙනෙකු විසින්. 2001 වසරේ ඇමරිකානු ආක්‍රමණයත් සමග තලෙයිබාන් පාලනය බිඳවැටීමෙන් පසු දියත් කෙරුණු ප්‍රහාරවල මූලිකයා ලෙස කටයුතු කළේ ඔහුයි. මුල්ලා බර්දාර් 2010 වසරේ පාකිස්ථානයේ කරච්චි නුවරදී අත්අඩංගුවට ගැනුනා.