මධ්‍යම, කුරුණෑගල ඡන්දය දීම 30% ඉක්මවයි.

Saturday, 21 September 2013 - 13:20

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+30%25+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ කෙරුණ. මධ්‍යස්ථාන 3712 කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුකෙරෙනවා. එම පළාත් සභා සඳහා සභිකයින් 142 දෙනෙකු තෝරා ගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් කෙරෙන අතර, මැතිවරණයට දේශපාලන පක්ෂ 126 කින් සහ ස්වාධීන කණ්ඩායම් 75 කින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 3785 ක්.

මේ වනවිට මධ්‍යම පළාතේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 30 ක මට්ටමේ පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළා. මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල ප්‍රකාශ කළේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 30 ක මට්ටමේ පවතින බවයි. මහනුවරද එම අගය සියයට 30 මට්ටමේ පැවතුණා.

වසර 25 කට පසුව පැවැත්වෙන උතුරේ ඡන්ද විමසීමේ කටයුතුද සාමකාමීව සිදුවන බව එහි සිටින හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළ වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මැතිවරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වමින් කියා සිටියේ අද දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 20 ඉක්මවා තිබූ බවයි.  කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එච්.එම්.ඒ. හිටිසේකර කියා සිටියේ එම දිස්ත්‍රික්කයේද ඡුන්දය ප්‍රකාශ කිරීම සියයට 30 ක මට්ටමට පැමිණ ඇති බවයි.  මේ අතර මන්නාරම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එහි ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 11.30 පමණ වනවිට සියයට 20 ක මට්ටමේ පැවති බවයි.

ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පහතින්.

[JPG]s67687_1[/JPG]

[JPG]s67687_2[/JPG]

[JPG]s67687_3[/JPG]

[JPG]s67687_4[/JPG]

[JPG]s67687_5[/JPG]

[JPG]s67687_6[/JPG]

[JPG]s67687_7[/JPG]

[JPG]s67687_8[/JPG]

[JPG]s67687_9[/JPG]

[JPG]s67687_10[/JPG]

[JPG]s67687_11[/JPG]

[JPG]s67687_12[/JPG]

ඡායාරූප - සඳුන් අරෝෂ, රංජිත් රාජපක්ෂ