මත්කුඩු සමග පොලිස් නිලධාරින් 2ක් දැලේ.

Saturday, 21 September 2013 - 18:42

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.



 
මත්කුඩු පැකට් 4 ක් සමග තරුණියක ඇතුළු පොලිස් නිලධාරින් දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වොක්ෂෝල් වීදිය ප්‍රදේශයේදී 19 හැවිරිදි තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් මෙම තරුණියට මත්කුඩු පැකට් ලබා දෙන අවස්ථාවේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම පොලිස් නිලධාරින් දෙදෙනා කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව කොම්පඤ්ඤවීදිය පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.