තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ. - පළමු ප්‍රතිඵලය ? 10 ට පෙර.

Saturday, 21 September 2013 - 18:52

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.+-+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%3F+10+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB.

 
පළාත් සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන 3712 කදී අද (21) ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළා. ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ඇතැම් ප්‍රදේශවල මේ වනවිට අවසන්ව ඇති අතර, ප්‍රදේශ කිහිපයක එම කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා. ඇතැම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අද (21) රාත්‍රී 10 ට පෙර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලබාදීමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ. විශේෂයෙන් උතුරු පළාත් සභාවේ ද දිස්ත්‍රික්ක රැසකම මේ වන විට තැපැල් ජන්ද ගණන් කිරීම ආරම්භ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සදහන් කළේ.