වීඩියෝ: ජනපති සහ ජගත් මහ ලේකම් අතර හමුවක්.

Sunday, 22 September 2013 - 13:23

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර සිය ඇමරිකානු චාරිකාවේදී ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන්, පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා සහ ආසියානු හා අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවත්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අලූයම ඇමරිකාව බලා පිටත්ව ගියා.  මෙවර ජගත් සංවිධාන මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ වනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් වරට ජගත් මහා මණ්ඩලය අමතනු ලැබුවේ 2011 වසරේදියි.

නිව්යෝක් නුවර රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා ධරණීය සංවර්ධනය පිළිබඳ ඉහළ පෙළේ දේශපාලන සංවාදයකටද සහභාගි වනවා. ජනාධිපතිවරයා විසින් එහිදී අප්‍රිකානු නායකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ පස් දින චාරිකාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද එක්ව සිටිනවා.