වීඩියෝ: නයිරෝබි වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 59ක් මරුට.

Sunday, 22 September 2013 - 17:11

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B6%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+59%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

කෙන්යාවේ නයිරෝබි නුවර - වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 175 දෙනෙකු තුවාල ලැබූ බව එරට රජය ප්‍රකාශ කළා. සෝමාලියාවේ අල් - ෂබාබ් සන්නද්ධ කණ්ඩායම තවදුරටත් මෙහි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් රදවා සිටින බව සඳහන්. කෙසේ නමුත් ඔවුන් මෙල්ල කිරීමට කෙන්යානු ආරක්ෂක අංශ සමත් වනු ඇතැයි ජනාධිපති උහුරු කෙන්යාටා ප්‍රකාශ කළා. සෝමාලියාවේ කෙන්යානු හමුදා මෙහෙයුම්වලට විරෝධය පළ කිරීමක් ලෙසයි අල් - ෂබාබ්වරුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. සෝමාලි අන්තවාදීන්ට එරෙහිව කෙන්යානු සෙබලූන් 4000ක් පමණ 2011 වසරේ සිට මෙහෙයුම් සිදුකරනවා.