වීඩියෝ: ප්‍රතිඵලයෙන් ජාතික මැතිවරණයකට බලපෑම් නැහැ. - එජාපය.

Sunday, 22 September 2013 - 19:09

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.


මෙවර පළාත් සභා මැතිවරණයේ දී සිය පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පසුබෑමකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා. අද (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම මැතිවරණය නිදහස් සහ සාමකාමී මැතිවරණයක් ලෙස සැලකිය නොහැකි බවයි. එහෙත් මෙම ප්‍රතිඵල ජාතික මැතිවරණයකට බලපෑම් නොකරන බව ඔහු කියා සිටියා.

නව දේශපාලන පක්ෂයක් ලෙස සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මෙම පළාත් සභා මැතිවරණය තුළින් හැකියාව ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා කුරුණෑගල අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙවර ඡන්ද ප්‍රතිඵලය සහ ඇතැම් දේශපාලන පක්ෂවල නැගී ඒම ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් නොවන බවයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ද අද (22) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා මැතිවරණය පිළිබදව අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ මෙම මැතිවරණයෙන් උතුරේ ජනතාවගේ නිදහස, සතුට සහ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කර ඇති බවයි.