වීඩියෝ: තේරීම් කාරක සභාවට එන්න දෙමළ සන්ධානය සූදානම්.

Sunday, 22 September 2013 - 19:11

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


අර්ථවත් බලය බෙදීමක් සඳහා රජය එකඟත්වයකට පැමිණෙන්නේ නම් ජාතික ප්‍රශ්නය විසදීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. ඒ, යාපනයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදීයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට සහයදීමට තමන් සූදානම් බවයි එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් එහිදී කියා සිටියේ.
 
මේ අතර, අද (22) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ මධ්‍යම රජයේ පරමාධිපත්‍යයට අනුව නිත්‍යානුකූලව කටයුතු කිරීමේ වගකීම අනෙකුත් පළාත් සභාවලට මෙන්ම උතුරු පළාත් සභාවට ද පවතින බවයි.