පටු අදහස් අතහැර වගකීම වෙනුවෙන් එක්වෙමු. - ජනපති.

Sunday, 22 September 2013 - 19:13

%E0%B6%B4%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තබා ජීවත්වීමේ නිදහසවත් නොමැතිව ත්‍රස්තවාදයේ ප්‍රාණ ඇපකරුවන්ව සිටි උතුරේ ජනතාවට සාමකාමී මැතිවරණයක් ලබාදීම අප ලද තවත් ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, වයඹ, මධ්‍යම, උතුර පළාත් සභා මැතිවරණය පිළිබදව පණිවුඩයක් නිකුත් කරමින්. මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ විශිෂ්ඨ අවස්ථාවක්. ත්‍රස්තවාදය යටතේ අසරණව සිටි උතුරේ දේශපාලන පක්ෂ අද (22) සතුට සහ නිදහස භුක්ති විදිනවා. මෙම අවස්ථාව ලබා දීම සදහා දිවි පිදූ ආරක්ෂක අංශවල දහස් ගණනක් තරුණ තරුණින් ද ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එම නිසා පටු අන්තවාදී අදහස්වලින් බැහැරව මාතෘ භූමිය ගොඩනැංවීම සඳහා එක්සත්ව, එක්සිත්ව සියලූ දෙනා එක්වීම වැදගත් කරුණක්. රට හමුවේ ඇති සියලූ අභියෝගවලදී සාමුහික වගකීම වෙනුවෙන් එක්වන ලෙසයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.