වීඩියෝ: මනාප ප්‍රතිඵල මෙන්න.

Sunday, 22 September 2013 - 19:22

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

පළාත් සභා ඡන්ද විමසීමේ මනාප ප්‍රතිඵලවලට අනුව   එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වුණේ අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්ගේ පුත්‍රයා වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 51 591 ක්. දෙවන ස්ථානය  බන්දුල යාලේගම හිමිකරගත් අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 45 560 ක්. පරාක්‍රම දිසානායක ඡන්ද 24686ක් ලබාගනිමින්  තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ රංජිත් අලූවිහාරේයි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29 545 ක්. සංජීව බණ්ඩාර කවිරත්න ඡන්ද 24249ක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

යාපනය දිස්ත්‍රිකක්යේ මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව දෙමළ ජාතික සන්ධානයේ සී.වී. විග්නේෂ්වරන් ඡන්ද එක්ලක්ෂ 32,225ක් ලබාගෙන තිබෙනවා. ආනන්දි ශෂිදරන් ඡන්ද 87,870ක් ලබාගෙන ඇති අතර, ඞී. සිද්ධාර්ථන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 39,715ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කමලේන්ද්‍රන් කන්දසාමි මනාප ඡන්ද 13,632ක් ද අංගජන් රාමනාදන් මනාප ඡන්ද 10,034ක් ද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ පත්මනාදන් සත්‍යලිංගම්. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 19656ක්. දෙවන ස්ථානය තමෝදර පිල්ලේ ලිංගනාදන් විසින් හිමිකරගෙන ඇති අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 11 901 ක්.

වවුනියාව දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ඒ.ඞී. ධර්මපාල සෙනෙවිරත්නයි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5 148 ක්.

මුලතිව් දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර, ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ ඇන්තනී ජෙගනාදන් මනාප ඡන්ද 9309 ක් ලබාගෙන ඇති අතර එස්. සිවමෝහන් මනාප 9 296 ක් ලබාගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අහමඞ් ලෙබ්බේ ජායින් ජවහාර් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 1 726 ක්.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලයට අනුව දෙමළ ජාතික සන්ධානයේ අරියරත්නම් පසුපති මනාප 27,264ක් ලබාගෙන තිබෙනවා. තම්බිරාසා කුරුකුලරාසා ජන්ද 26,427යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෛද්‍යනාදන් තවනාදන් මනාප ජන්ද 3753ක් ලබාගෙන තිබෙනවා.

වයඹ පළාත් සභාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ මනාප ඡන්ද 62,906ක් ලබාගත් සනත් නිශාන්ත පෙරේරායි. සුමල් තිසේරා ඡන්ද 26,995ක් ලබාගෙන දෙවන ස්ථානය ලබා සිටින අතර, ඡන්ද 24,818ක් ලබා ගත් සන්ධ්‍යා රාජපක්ෂට තුන්වන ස්ථානය හිමි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ මුල්තැන හිමි වී ඇත්තේ මනාප ඡන්ද 19,762ක් ලබා සිටින හෙක්ටර් අප්පුහාමිටයි.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නැහැ. එහෙත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මනාප ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින බවයි. කෙසේ වෙතත්, මෙතෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිළ මනාප ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නොමැති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ද නිකුත් වී නැහැ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න සහ හිටපු මහ ඇමති සරත් ඒකනායක මනාප ප්‍රතිඵල සටහනේ ඉදිරියෙන් සිටින බවට වාර්තා පළ වනවා.