වීඩියෝ: දයාසිරිගෙන් වාර්තාවක්. මනාප 336 327 යි. මහනුවර මුල් තැන අගමැති පුතුට.

Monday, 23 September 2013 - 8:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+336+327+%E0%B6%BA%E0%B7%92.++%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7.

මැතිවරණය පැවති උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවන්හි මනාප ඡන්ද ප්‍රතිඵල සියල්ල මේ වනවිට නිකුත් කර අවසන්. ඒ අනුව මනාප 336 327 ලබාගනිමින් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරයි. එය පළාත් සභා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම වාර්තාගත මනාප ප්‍රමාණයද වනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඇය 1993 වසරේ පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මනාප 298 457 ක් ලබාගනු ලැබුවා.

කුරුණෑගලින් දෙවැන තැනට පත්වූයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුයි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 134 423 ක්. එහි තුන්වන තැනට පත්ව ඇත්තේ මනාප 60 908 ක් ලබාගත්  ඩිංගිරි බණ්ඩා හේරත්. හිටපු මහ ඇමති අතුල විජේසිංහ සන්ධාන ලැයිස්තුවේ සිව්වන තැනට පත්ව ඇත්තේ මනාප ඡන්ද 47 014 ක් ලබාගනිමින්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පළමු තැන හිමිකරගැනීමට ජේ.සී. අලවතුවලට හැකිවුණා. එහිදී ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 23 960 ක්. එහි දෙවැන තැන හිමිව ඇත්තේ මනාප 21 958 ක් ලබාගත් ෂමල් සෙනරත්ටයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සන්ධාන මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද එක්ලක්ෂ 76 044 ක් ලබාගනිමින් පළමු තැනට පැමිණීමට අගමැති පුත් අනුරාධ ජයරත්න සමත්වුණා. එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ මනාප ඡන්ද 70 171 ක් ලබාගත් හිටපු මහ ඇමති සරත් ඒකනායකයි. තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මනාප ඡන්ද 45 060 ක් ලබාගනිමින් එහි තෙවැනි තැනට පත්වුණා.

පළාත් සභා ඡන්ද විමසීමේ මනාප ප්‍රතිඵලවලට අනුව   එක්සත් ජනතා නිදහස් සන්්ධානයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වුණේ අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්්ගේ පුත්‍රයා වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්. ඔහු ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 51 591 ක්. දෙවන ස්ථානය  බන්දුල යාලේගම හිමිකරගත් අතර ඔහු ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 45 560 ක්. පරාක්‍රම දිසානායක ඡන්ද 24686ක් ලබාගනිමින්  තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ රංජිත් අලූවිහාරේයි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29 545 ක්. සංජීව බණ්ඩාර කවිරත්න ඡන්ද 24249ක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාමසාන් මුත්තයියා මනාප 50,600ක් ලබාගෙන තිබෙනවා. කේ. කනගරාජ් මනාප 48,825යි. පිලිප් කුමාර් මනාප 46,912යි. එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ කේ.කේ. පියදාස වන අතර, එම සංඛ්‍යාව 21,972ක්. එක්සත් ජාතික පක්ෂයේ ජයලත් දිසානායක ඡන්ද 16,556යි. රේණුකා හේරත් ඡන්ද 15,507යි.

යාපනය දිස්ත්‍රිකක්යේ මනාප ජන්ද ප්‍රතිඵලය අනුව දෙමළ ජාතික සන්ධානයේ සී.වී. විග්නේෂ්වරන් ජන්ද එක්ලක්ෂ 32,225ක් ලබාගෙන තිබෙනවා. ආනන්දි ශෂිදරන් ජන්ද 87,870ක් ලබාගෙන ඇති අතර, ඞී. සිද්ධාර්ථන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 39,715ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කමලේන්ද්‍රන් කන්දසාමි මනාප ජන්ද 13,632ක් ද අංගජන් රාමනාදන් මනාප ජන්ද 10,034ක් ද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ පත්මනාදන් සත්‍යලිංගම්. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 19656ක්. වවුනියාව දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ඒ.ඞී. ධර්මපාල සෙනෙවිරත්නයි. ඔහු ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 5 148 ක්.

මුලතිව් දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව දෙමළ ජාතික සන්ධානයේ ඇන්තනී ජෙගනාදන් මනාප ඡුන්ද 9309 ක් ලබාගෙන ඇති අතර එස්. සිවමෝහන් මනාප 9 296 ක් ලබාගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අහමඞ් ලෙබ්බේ ජායින් ජවහාර් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 1 726 ක්.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මනාප ජන්ද ප්‍රතිඵලයට අනුව දෙමළ ජාතික සන්ධානයේ අරියරත්නම් පසුපති මනාප 27,264ක් ලබාගෙන තිබෙනවා. තම්බිරාසා කුරුකුලරාසා ජන්ද 26,427යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෛද්‍යනාදන් තවනාදන් මනාප ජන්ද 3753ක් ලබාගෙන තිබෙනවා.