වාස්ගේ සහ පුතාගේ ඇප අයදුම්පත් විභාගයට අවසර.

Monday, 23 September 2013 - 12:59

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනට ඇප ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම්පත්‍රය නොවැම්බර් මස 20 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය අද (23) තීරණය කළා. වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනට ඇප අයදුම්පතක් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය අගහරුවාදායි. බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැර ගෙනගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනට චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් දෙදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මොවුන්ට ඇප ලබාදෙන ලෙස වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා විසිනුයි මෙම ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණේ.