රුසියානු හමුදා සිරියාවට.

Monday, 23 September 2013 - 13:28

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



තම හමුදා සිරියාවට යැවීමට තීරණය කර ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ ඇති රසායනික අවි ඉවත් කිරීම සහ විනාශ කිරීම සඳහා රුසියානු හමුදා කටයුතු කරනු ඇති බවයි. ඒ අනුව දැනට සිරියාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර රසායනික අවි නිරීක්ෂකයන්ට රුසියානු හමුදා සහය ලබාදෙනු ඇති. ඇමෙරිකාව සහ රුසියාව සිරියාවේ රසායනික අවි සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවයට අනුව, මෙලෙස රුසියානු හමුදා සිරියාව වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ලබන වසරේ මැද භාගය පමණ වනවිට සිරියාව සතු රසායනික අවි රුසියානු හමුදා මැදිහත්වීමෙන් ඉවත් කිරීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ. දැනට සිරියාව සතුව ටොන් දහසක පමණ රසායනික අවි ඇති බවට අනුමාන කෙරෙනවා.