වීඩියෝ: වසර 3 කින් රටේ පළමු බලවේගය වනවා. - ෆොන්සේකා.

Monday, 23 September 2013 - 19:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B7%80%E0%B7%83%E0%B6%BB+3+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F.

තවත් වසර දෙක තුනකින් ශ්‍රී ලංකාවේ පළමුවන දේශපාලන බලවේගය වීමට තමන්ට හැකි බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අද (23) කියා සිටියා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙවර ඡන්දයේ දී තම පක්ෂය ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර ජනතාවගේ සැබෑ මතය තමන් සමග එක්වූ බවයි සරත් ෆොන්සේකා එහිදී පෙන්වා දුන්නේ. ඉදිරියේ දී රටේ දෙවන බලවේගය බවට පත්වී ඉන් අනතුරුව වසර දෙක තුනක් ඇතුළත රටේ පළමු බලවේගය බවට පත්වීම තම පක්ෂයේ ඉලක්කය බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
 
සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර පළාත් සභා මැතිවරණයේදී ඡන්ද 91,353ක් ලබමින් මන්ත්‍රී ධුර 5 ක් ලබා තුන්වැනි බලවේගය ලෙස ඉස්මතු වුණා. මෙතෙක් මැතිවරණවලදී තුන්වැනි බලවේගය ලෙස සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙවර ඡන්දයෙන් ලබා ගත්තේ ඡන්ද 33,511 ක් ලබා හිමි කර ගත්තේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.