වීඩියෝ: මැ.කො.ට බලතල දෙන්න. - ද. ආසියානු මැතිවරණ නිරීක්ෂකයින්.

Tuesday, 24 September 2013 - 8:02

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%AF.+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.



මෙරට මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල තවදුරටත් වැඩි කිරීමට කටයුතු කළ යුතු බව දකුණු ආසියානු මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රකාශ කළා. මෙවර උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය දකුණු ආසියානු මැතිවරණ නිරීක්ෂකයින්ගේ ආයතනයේ ප්‍රධානී සහ ඉන්දියානු මැතිවරණ කොමිසමේ හිටපු ප්‍රධානී එම්. ගෝපාලස්වාමි මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ඡුන්ද මධ්‍යස්ථානවල හා ගණන් කිරීමේ ශාලාවල පමණක් සමස්තයක් විදියට සතුටු විය හැකි නිදහස් හා සාධාරණ මැතිවරණයක් දක්නට ලැබුණු බවයි. නමුත් එය තවදුරටත් වර්ධනය කර ගත යුතු තැන් ද තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. සිදුවීම් කිහිපයක් වාර්තා වුවද ඡුන්දය ගණන් කිරීමේ හා ඡුන්ද මධ්‍යස්ථාන තුළ මැතිවරණය සාමකාමී බව ද ඔහු කියා සිටියා.

 
මෙම මාධ්‍ය හමුවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද එක්ව සිටි අතර ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු ඔහුට ලැබී ඇති බලතල පිළිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. තමන්ට තිබෙන බලතල ප්‍රමාණවත් බවත්, මූල්‍ය බලතල තවදුරටත් වැඩිවේ නම් සුදුසු බවයි කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.