උතුරේ ජනතාවට මුල අමතක වුණා. - ඇමති බැසිල්.

Tuesday, 24 September 2013 - 8:13

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.


 
උතුරේ ජනතාවට මුල අමතක වී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (23) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. උතුරු වසන්තය වැඩසටහන ක්‍රියාත්මක කළේ එම ජනතාවගේ ඡන්දය අපේක්ෂාවෙන් නොවන බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළා. එමෙන්ම මැතිවරණ වේදිකාවල  ජාතිවාදය අවුස්සමින් නැවතත් ත්‍රස්තවාදයට අත වනන පක්ෂවලට උතුරේ ජනතාව රැවටී ඇතිබව ද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම උත්සවයේදී පෙන්වා දුන්නා.