සංක්‍රමණික බෝට්ටු ගැන තොරතුරු මින් පසු නැහැ. - ඕස්ට්‍රේලියාව.

Tuesday, 24 September 2013 - 8:36

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.



නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියානු මුහුදට ඇතුළු වී ආපසු හරවා එවන හෝ අනතුරට ලක්වන සංක්‍රමණික බෝට්ටු පිළිබද තොරතුරු මින් පසු වහා නිදහස් නොකරන බව එරට නව සංක්‍රමණික අමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. ඔහු කියා සිටියේ නව රජය නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන එන මිනිස් ජාවාරමට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. ඒ සඳහා ස්වෛරී දේශසීමා සුරැකීමේ මෙහෙයුම නමින් නව මෙහෙයුමක් දියත් කෙරෙන අතර, එහි ප්‍රධානත්වය ලබාදී ඇත්තේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරල්වරයෙකුටයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් පසුගිය මාස 12 තුළ නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටු 400ක්  ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.