වීඩියෝ: STF සෙබලෙකු පෑලියගොඩ මාළු වෙළදපොළේ දී වෙඩි තබා ගනී.

Tuesday, 24 September 2013 - 12:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+++STF+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ දී සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද (24) උදෑසන ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිගෙන ඇති බවයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආරක්ෂාවට සිටි මෙම සෙබලා ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට අනුයුක්තව සේවය කළ අයෙක්. ආනන්ද පුෂ්පකුමාර නැමැති මිය ගිය සෙබලා 23 වන වියේ පසු වූ අතර, ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. ඔහු මෙලෙස සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.