වීඩියෝ: දික්කසාදයට වෙනම අධිකරණයක්.

Tuesday, 24 September 2013 - 18:54

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අධිකරණයේ පිහිට පතා පැමිණෙන ජනතාවට උපරිම සහන ලබාදීමට කටයුතු කළ යුතු බව අගවිනිසුරු මොහාන් පීරිස් පවසනවා. දික්කසාද නඩු මාස 6ක් තුළ අසා නිම කිරීම සඳහා, දික්කසාද සහ භාරකාරත්ව අධිකරණයක් කොළඹ දිසා අධිකරණයේදී අද (24) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. අගවිනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේ කුමන වර්ගයේ නඩුවක් වූවත් ඉක්මණින් විසඳීමට කටයුතු කළ යුතු බවයි. කිසියම් නඩුවක් නිසි පරිදි විභාග නොකරන්නේ නම් එයින් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වන බවයි අගවිනිසුරු මොහාන් පීරිස් එහිදී සඳහන් කළේ.