විශ්වාසයක් නැහැ කියා රවීගේ ඇපකරුවෙකු ඉල්ලා අස්වෙයි.

Tuesday, 24 September 2013 - 18:56

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක පිළිබඳ තමන්ට විශ්වාසයක් නැතැයි පවසමින් විනිමය වංචා නඩුවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප තැබූ ඇපකරුවෙකු අද (24) සිය ඇපකාරීත්වයෙන් ඉල්ලා අස්වුණා. කරුණාපාල ද සිල්වා නැමති මෙම ඇපකරු වසර 13ක් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ දේශපාලන සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් සේවය කර තිබෙනවා.

විනිමය පාලන ආඥාපනත උල්ලංඝනය කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 3 ක මුදලක් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීමට ආධාර අනුබල දුන් බවටයි රවී කරුණානායක මන්ත්‍රීවරයා ඇතුලූ පිරිසකට එරෙහිව නඩු පවරා ඇත්තේ. 2006 සහ 2007 වසරවල මෙම මුදල් මහ බැංකුවේ අවසරයකින් තොරව පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබෙනවා.

අද ඇපකාරීත්වයෙන් ඉල්ලා අස්වූ ඇපකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් තැන්පත් කර ඇති රුපියල් ලක්ෂයක ඇපය නැවත ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසයි. මන්ත්‍රීවරයා තමන්ට වැටුප් නොගෙවා සේවයෙන් ඉවත් කළ බවද ඒ සම්බන්ධයෙන් ඇපකරු කම්කරු විනිශ්චය සභාවේ නඩු පවරා ඇති බවද ඔහුගේ නීතීඥවරයා අධිකරණයට අද දැනුම් දුන්නා.