වීඩියෝ : මානව හිමිකම් මත සිදුවන මැදිහත්වීම් කණස්සල්ලට කරුණක්. - ජනපති.

Wednesday, 25 September 2013 - 7:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ඇතැම් රටවල ආරක්ෂාව හේතුවක් කර ගනිමින් සහ මානව හිමිකම් භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සංවර්ධනය වන රටවල අභ්‍යන්තර කටයුතුවලට ජාත්‍යන්තරය මැදිහත්වීම කණස්සල්ලට හේතුවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵල වශයෙන් බලහත්කාරී දේශපාලන වෙනස්කම්වලට තුඩු දෙන කැළඹීම් ලොව පුරා දක්නට ලැබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස පළ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වන සැසි වාරය ඊයේ (24) අමතමින්.

 
එක්සත් ජාතීන්ගේ කාර්ය සාධනය විමසන විට පෙනී යන්නේ අතිශය මූලික ගැටළු යටපත් කර දේශපාලන ස්වභාවයක් ගත් කරුණු ප්‍රමුඛත්වය ගෙන ඇති බවයි. එය ලෝක සමාජයේ ඌන වරප්‍රසාද ලබන ජනතාවට අහිතකර ලෙස බලපා තිබෙනවා. රටවල් මත පනවා ඇති තහංචි සහ ආර්ථික සම්බාධක වැනි ඒකපාර්ශවික ක්‍රියාමාර්ග ද කණස්සල්ල උපදවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.  ආර්ථික දුෂ්කරතා ජය ගැනීමට දරණ උත්සාහය වෙනුවෙන් තමන් නැවත වරක් කියුබානු ජනතාව සමඟ සහයෝගයෙන් නැගී සිටින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් සදහන් කර සිටියේ.