පාකිස්තාන භූ කම්පනයේ මරණ 50 දක්වා ඉහළට.

Wednesday, 25 September 2013 - 8:18

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+50+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

බටහිර පාකිස්තානයේ බලූකිස්තාන් ප්‍රාන්තයේ ඊයේ (24) ඇති වූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක අගයක් ගත් මෙම භූ කම්පනය වයඹදිග බලූකිස්තානයේ අවරාන් ප්‍රදේශයේ දී හටගත් බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මෙම භූ කම්පනයේ බලපෑම් කරච්චිය, හයිද්‍රාබාද් සහ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට ද දැනී ඇති බව සදහන්.