මධ්‍යම මහ ඇමති අනුරාධ ජයරත්න. - වයඹ දයාසිරි.

Wednesday, 25 September 2013 - 12:41

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92.

පසුගියදා පැවති මැතිවරණයෙන් සන්ධානය ජයගත් වයඹ සහ මධ්‍යම පලාත් සභාවේ මහඇමතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දීමු ජයරත්න අද කරුණු අනාවරණය කළා. ඒ අනුව මධ්‍යම පළාතේ මහඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ පුත් අනුරාධ ජයරත්නත්, වයඹ පළාතේ මහඇමතිවරයා ලෙස දයාසිරි ජයසේකරත් පත් කෙරෙනු ඇති. වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයන්ට මහඇමති ධුරය පිරිනැමීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන ඇතැම් ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

 

එම නිවේදනය මගින් මධ්‍යම පළාතේ සන්ධානයෙන් වැඩිම මනාප ලබා ගත් අනුරාධ ජයරත්න පිළිබඳව විශේෂ හඳුන්වාදීමක් සිදුකර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය අනුරාධ ජයරත්නට හිමිවියයැයි පළාතේ ජනතාව ප්‍රකාශ කරන බවයි. අගමැති පුත් නීතීඥ අනුරාධ ජයරත්න දේශපාලන වශයෙන් ජනතාවට සමීපව කටයුතු කළ අයෙකු බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගම්පොල - දොළුව නිවසේ ඊයේ පැවති හමුවක් අතරතුර අග්‍රාමාත්‍යවරයා සිය අදහස් පළ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 
කෙසේ වෙතත්, මධ්‍යඹ පළාතේ මහඇමති ධුරය සම්බන්ධයෙන් හිටපු මහඇමති සරත් ඒකනායකගේ නම ද විවිධ වාර්තාවල ප්‍රකාශ වුණා. එහෙත් මෙවර ඔහුට හිමිවූයේ මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයයි.