වීඩියෝ :මෝදරදී කොල්ලකරුවෙකුට කොල්ලකරුවෙකුගෙන්ම වෙඩි.

Wednesday, 25 September 2013 - 18:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92.


 

මෝදර - අලූත් මාවත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර තිබෙනවා. අද (25) දහවල් මෝදර රාජ්‍ය බැංකුවකට මුදල් තැන්පත් කිරීමට ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් මොහු ඇතුලූ තවත් කොල්ලකරුවන් දෙදෙනෙකු කොල්ලකා පළාගොස් තිබුණා. පසුව එම කොල්ලකරුවන් ලූහුබැඳ ගොස් කොල්ලකන ලද මුදල යළි ලබාගැනීම සඳහා අසල සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු උත්සාහ කර තිබෙනවා. එහිදී කොල්ලකරුවෙකු ඔහුට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් වැරදීමකින් අනෙක් කොල්ලකරුට වැදී ඇති බවයි මෝදර පොලීසිය සඳහන් කළේ. කොල්ලකෑමට සම්බන්ධ මෙම පුද්ගලයින් කුමන ප්‍රදේශයේ පදිංචිකරුවන්දැයි අනාවරණය වී නැහැ.