මෙරට ඖෂධ හිඟයට බංග්ලාදේශයේ සහය.

Thursday, 26 September 2013 - 7:55

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

මෙරට ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බංග්ලාදේශයෙන් වහාම ඖෂධ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජාතික ඖෂධ හා විලවුන් උපකරණ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිටත් ඖෂධ වර්ග කිහිපයක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි.  ඉන්දීය ඖෂධ සමාගම් 4 ක් විසින් සපයන ලද ඖෂධ වර්ග 122 ක්, ප්‍රමිතියෙන් තොර බවට තහවුරු කොට වෙළඳපොලෙන් ඉවත් කිරීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. එමෙන්ම, අදාළ සමාගම් අසාදු ලේඛණගත කිරීමට ද පියවර ගැණුනා. මෙම තීරණයත් සමඟ රජය හා පෞද්ගලික රෝහල්වලින් සහ ඔසුසැල්වලින් අදාළ ඖෂධ ඉවත් කිරීම හේතුවෙන් මේ වනවිට තාවකාලික ඖෂධ හිඟයක් උද්ගතව තිබෙනවා.