මොරටුව උප නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයේ සිට සභා වාරයට.

Thursday, 26 September 2013 - 12:50

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

මොරටුව - එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරුවෙකු වන මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර අද (26) මොරටුව නගර සභාවේ මාසික සභා වාරයට සහභාගි වී තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට නියෝජ්‍ය නගරාධිපතිවරයා සභාව තුළ අසුන් ගෙන විවාදයට සහභාගි වී සිටින බවයි. අද පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභා වාරයට සහභාගිවීම සඳහා පැමිණි බව මොරටුව නගර සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.

 

පසුගිය අප්‍රේල් 26 වැනිදා ද නියෝජ්‍ය නගරාධිපතිවරයා මාසික සභා වාරයට සහභාගි වීම සඳහා මොරටුව නගර සභාව වෙත පැමිණි අතර එහිදී භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙන් සභා වාරයට සහභාගි වීමට හැකියාව ලැබුණේ නැහැ. මේ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් නියෝජ්‍ය නගරාධිපතිවරයා නගර සභා භූමියෙන් පිටතට රැගෙන යනු ලැබුවා.

 

මේ අතර මොරටුව - එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයාට අමතරව බන්ධනාගාර ගතව සිටින සෙසු සැකකරුවන් සිව්දෙනා අද මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්.එම්. මිහාල් හමුවට ඉදිරිපත් කළා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් සිව්දෙනා ලබන මස 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළා. එමෙන්ම සැකකාර මොරටුව නියෝජ්‍ය නගරාධිපතිවරයා යළි එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ.

 

 
සුනන්දෝපනන්ද හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කළා. එමගින් සඳහන් කර තිබුණේ පරීක්ෂණ වාර්තා කිහිපයක් මේ වනවිටත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. පසුගිය පෙබරවාරි මස 3 වැනිදා සුනන්දෝපනන්ද විහාරාධිපති පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන් තියුණු ආයුධවලින් පහදී ඝාතන කර තිබුණා.