ඉඩම් බලතල පළාත් සභාවට නොව මධ්‍යම ආණ්ඩුවටයි. ශ්‍රේෂ්ඨාධිකරණය

Thursday, 26 September 2013 - 13:02

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA


13 වන සංශෝධනයට අනුව රජයේ ඉඩම් බලතල පළාත් සභාවට නොව මධ්‍යම ආණ්ඩුවට අයත් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තීන්දුවක් ලබාදුන්නා. අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකුයි මෙම තීරණය ලබාදී ඇත්තේ. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු ගොනු කළ නඩුවක් විභාගයට ගනිමින් මෙම තීන්දුව ලබාදී ඇති අතර එහිදි විනිසුරු මඩුල්ලේ සිටි තිදෙනාම වෙන වෙනම තීන්දු ලබාදෙමින් මෙම තීරණය ලබාදුන් බවයි වාර්තාවන්නේ. අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රීපවන් සහ ඊවා වනසුන්දර මෙම විනිසුරු මඩුල්ල නියෝජනය කළා.

 
මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකදී සඳහන් කර ඇත්තේ ඉඩම් බලතල පළාත් සභාවට හිමි බවයි. කෙසේ වුවත් එය අභිබවා යමින් අද (26) දිනයේ මෙම තීන්දුව ලබාදුන් බව විත්ති පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාශ්‍රී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.