වීඩියෝ :දෙමළ සන්ධානයෙන් උතුරට මුස්ලිම් මන්ත්‍රීවරයෙක්.

Thursday, 26 September 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

උතුර පළාත් සභාව ජයගත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට හිමිවු ප්‍රසාද මන්ත්‍රී ආසන     02 න්, එකකට මුස්ලිම් නියෝජිතයෙකු නම් කර තිබෙනවා. මේ අනුව මන්නාරම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කර පරාජයට පත්වු අයුබ් හෂ්මින් එම මන්ත්‍රී ධුරයට නම් කළ බවයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළේ. උතුර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 30 දෙනෙකු තේරී පත්වු අතර, ඊට මුස්ලිම් නියෝජිතයෙකු තේරී පත්වී නැහැ. මේ නිසා මුස්ලිම් ජනවර්ගයට නියෝජනයක් ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන තිබෙනවා.  


කෙසේ වෙතත්, අනෙක් ප්‍රසාද මන්ත්‍රී ආසනයට නියෝජිතයෙකු මෙතෙක් නම් කර නැහැ. දෙමළ සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කර ඉදිරියේදී එම නියෝජිතයා නම් කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානය උතුර පළාත් සභාවේ ලැබූ ජයග්‍රහණය පිළිබඳව ජාතික හෙළ උරුමයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක අදහස් පළ කළා. ඔහු කියා සිටියේ දෙමළ ජනතාව තුළ ජාතිවාදී හැඟීම් මතු කරමින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණය මෙහෙයවීම නිසා ඔවුන් ඉහළ ඡුන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති බවයි. ඉන්දියාව ඇතුළු විදෙස් තානාපති කාර්යාලද ඊට සහය දැක්වු බව අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා.