නිදහස් පක්ෂය ජාතිවාදී නැහැ. - චන්ද්‍රිකා.

Friday, 27 September 2013 - 7:50

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ වර්තමානයේ මෙරට ජාතික සමඟිය බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන් සමගියෙන් යුතුව එක්ව ජීවත් විය යුතු බවයි හිටපු ජනාධිපතිනිය මෙහිදී පෙන්වා දුන්නේ.