පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් කොළඹට.

Friday, 27 September 2013 - 7:54

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.

පුත්තලම දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබෙනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලබන පළමුවැනිදා සිට ඔහු මෙලෙස කැඳවා ඇති බවයි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් නව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ජයසිංහ පත්කර ඇති බවයි.

 

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ තිබී ගණනය කරන ලද ඡුන්ද පත්‍රිකා තොගයක් පසුගිය 24 වැනිදා සොයාගනු ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දුන් බවයි.