ඊලාම්වාදය එපා. - තමිල්නාඩු කොංග්‍රස් නායකයා කියයි.

Friday, 27 September 2013 - 8:11

%E0%B6%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ ඊලාම්වාදී ප්‍රචාර නතර කිරීමට කාලය එළඹ ඇතැයි තමිල්නාඩු කොංග්‍රස් කමිටු සභාපති බී.එස්. ඥානදේසිකන් පවසනවා. ඔහු ඊයේ (26) ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිය තහවුරු වනු ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ දේශපාලන විසඳුමක් ඇති කිරීම ඉන්දීය කොංග්‍රස් රජයේ අදහසයි. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් සහ මහඇමති අපේක්ෂක විග්නේෂ්වරන් ද එම අදහස් දරනවා. ශ්‍රී ලංකාවට වසර ගණනාවක් සාමය අහිමි වූයේ වෛරී ජාතිවාදය නිසයි. දැන් ඔවුන්ට සන්තෘෂ්ටිය ලැබීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව බෙදීමට තමිල්නාඩුවේ ඇතැම් කන්ඩායම් නගන හඬ මෙරට දෙමළ ජනතාවට කිසිසේත්ම සහයක් නොවන බවයි තමිල්නාඩු කොංග්‍රස් නායකයා කියා සිටියේ. 13 වන සංශෝධනය අර්ථවත් ලෙස බලගැන්වීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සිය ශ්‍රී ලංකා චාරිකාවේදී ලක් රජයට කරුණු පැහැදිලි කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.