ආගන්තුක කතක් සමඟ පොළොන්නරුවේ පුද්ගලයෙකු ළිඳකට පනී.

Friday, 27 September 2013 - 12:47

%E0%B6%86%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.

සියදිවි හානි කර ගන්නා බව පවසමින් පුද්ගලයෙකු ආගන්තුක කාන්තාවක් සමඟ ළිඳකට පැනීමේ පුවතක් පොළොන්නරුව - බකමූණ - අත්තනකඩවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ළිඳට පැන්න පුද්ගලයා කාන්තාව ළිඳ තුල සිටියදී ළිඳෙන් ගොඩට පැමිණ ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. මෙම සිදුවීමෙන් අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාව ඊයේ (26) පෙරවරුවේ මංගල අවස්ථාවකට සහභාගිවීම සඳහා අත්තනකඩවල ප්‍රදේශයට පැමිණ සිටි අතර, පස්වරුවේ නිවස අසල පිහිටි ළිඳකට නෑම සඳහා ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා එම ස්ථානයට පැමිණ ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ එම පුද්ගලයා මින් පෙර කෙදිනක හෝ මෙම කාන්තාව දැක නොමැති බවයි. එහෙත්, ප්‍රදේශයේ වෙනත් කාන්තාවකගේ නමක් සඳහන් කරමින් මොහු අදාළ කාන්තාවද තල්ලූ කරගෙන ළිඳට පැන තිබෙනවා. කාන්තාව ළිඳ තුළ සිටියදී ඔහු ළිඳෙන් ගොඩට පැමිණි මෙම පුද්ගලයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ප්‍රදේශවාසීන් ඔහුට පහරදී තිබීම හේතුවෙන්.

 

 
මෙම පුද්ගලයා කුමන අරමුණකින් කිසිදා නොහඳුනන මෙම කන්තාව සමඟ ළිඳට පැන්නේ ද යන්න මේ වනතුරුත් තොරතුරු අනාවරණ වී නොමැති බව බකමූණ පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.