උපවාස කළ අපේක්ෂකයාගේ නිවසට මල් වඩමක්.

Friday, 27 September 2013 - 12:50

%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ මෙවර මධ්‍යම පළාත් සභාවට එම පක්ෂයෙන් තරඟ කළ ඒ.ජී.හේරත් බණ්ඩාගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තබා යෑමේ පුවතක් අද (27) වාර්තා වුණා. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය අදාළ අපේක්ෂකයාගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ තමාගේ මැණික්හින්න ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට මෙලෙස අද උදෑසන මල්වඩමක් තබාගොස් ඇති බවයි.

 

මධ්‍යම පළාත් සභාවට සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ කළ කුණ්ඩසාලයේ ආසන සංවිධායක හේරත් බණ්ඩා තම දරු තිදෙනා සමඟ පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූයේ පසුගිය 24 වැනිදායි. ඒ තමාගේ මනාප වෙනස් කර ඇති බව පවසමින්. එහිදී තමන්ට පුද්ගලයින් දෙදෙනෙකු තර්ජනය කළ බව ද හේරත් බණ්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 
මෙම අපේක්ෂකයාගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධිය පිළිබඳව මැණික්හින්න පොලිසියට වාචික පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායමක් එහි ගොස් ඇති බවත් ඇතැම්විට මෙය ඔහු විසින්ම සිදුකරන ලද්දක් බවට සැකයක් පවතින බව ද ඔහු සඳහන් කළා.