පොදුරද අමාත්‍ය ක්‍රියාකාරීන් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන්.

Saturday, 28 September 2013 - 8:02

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

නිව්යෝක් නුවර ඊයේ (27) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යළි ප්‍රතික්ෂේප කර තිබෙනවා. අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවේ 40 වන රැස්වීම ඊයේ පැවැත්වුණේ බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ඩිපු මෝනිගේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද නිළ වශයෙන් සාකච්ඡා කළ යුතු යැයි රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන කිහිපයක් ඉල්ලා සිටියා. කැනඩාව විසින් ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණා. කෙසේ නමුත් ඊයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේ ප්‍රධාන මාතෘකාව වූයේ ෆීජි දිවයිනයි. එමෙන්ම මාලදිවයින සම්බන්ධයෙන් ද එමගින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාව පිළිබදව මෙම රැස්වීමේදී සාකච්ඡා කළ යුතු බවට ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සහ හියුමන් රයිට්ස් වොච් ආයතනයයි.